BLOGGER TEMPLATES AND TWITTER BACKGROUNDS

Tuesday, March 2, 2010

කන්‍යාවකගේ භූමදානය.......


කඨෝර දනව්වක,
ලාම්පු එළියෙන්
පොතට සින්නක්කර වී........
කොළඹ අහසේ
ඉර හැරෙන මානයට
පා තබා
පව්කාර දූවිලි බිමට
පඬි ඇසුර වෙනුවෙන්
දන් දී ඔබ ඔබම
දැඟලුවේ දෙපයින්........
උර ගෑමටද
පුරුෂ ශක්තිය?
පෙන්වීමටද ඔබ
කන්‍යාවක්ම බව !

0 comments: