BLOGGER TEMPLATES AND TWITTER BACKGROUNDS

Tuesday, March 2, 2010

කන්‍යාවකගේ භූමදානය.......


කඨෝර දනව්වක,
ලාම්පු එළියෙන්
පොතට සින්නක්කර වී........
කොළඹ අහසේ
ඉර හැරෙන මානයට
පා තබා
පව්කාර දූවිලි බිමට
පඬි ඇසුර වෙනුවෙන්
දන් දී ඔබ ඔබම
දැඟලුවේ දෙපයින්........
උර ගෑමටද
පුරුෂ ශක්තිය?
පෙන්වීමටද ඔබ
කන්‍යාවක්ම බව !

මලක් සොයමින්.........


නුගේ අද්දර පාලු පැල්පත
ගොම සුවඳින් තැග්ගැහුණු
හිත සෙවූ අන්ධකාරය
පාලු වූ ආකහේ සරණ
අබිත්තන් බටිත්තෝ
හොරා ගෙන
හීන
වෙඩි වැදී කකියන
පොර බදන පණ නල සමග
ඇත්ත වෙනුවෙන් මරණය
සමග රමණය
වරණය කොට ගත්
කිසිත් නැති
නැතිත් නැති
පිහිටක් නැති රටක
අසරණ ජීවියෙක්
සරණ වෙණු පිණිස අසරණයන්ට
පැල්පතට පිටුපා
ගෙන්දගම් පොළොවේ
ජරා ජීර්ණ
හිවල් පොරයට
සමනල පිහාටුවක්
අඳගෙන
වසන්නට මලක් හොයමින්
ලතැවේ තවම !.........