
නුගේ අද්දර පාලු පැල්පත
ගොම සුවඳින් තැග්ගැහුණු
හිත සෙවූ අන්ධකාරය
පාලු වූ ආකහේ සරණ
අබිත්තන් බටිත්තෝ
හොරා ගෙන
හීන
වෙඩි වැදී කකියන
පොර බදන පණ නල සමග
ඇත්ත වෙනුවෙන් මරණය
සමග රමණය
වරණය කොට ගත්
කිසිත් නැති
නැතිත් නැති
පිහිටක් නැති රටක
අසරණ ජීවියෙක්
සරණ වෙණු පිණිස අසරණයන්ට
පැල්පතට පිටුපා
ගෙන්දගම් පොළොවේ
ජරා ජීර්ණ
හිවල් පොරයට
සමනල පිහාටුවක්
අඳගෙන
වසන්නට මලක් හොයමින්
ලතැවේ තවම !.........
Tuesday, March 2, 2010
මලක් සොයමින්.........
Posted by Kalpani at 8:44 PM
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment